සඳුදා වනතුරු QR නව ලියාපදිංචියක් නැහැ.

August 5, 2022 at 10:13 PM

QR කේත ක්‍රමය සඳහා අලුතින් ලියාපදිංචි වීම තවත් පැය 48ක් යනතුරු අත් හිටුවා තිබේ . මෙම යෙදවුම නිර්මාණය කළ ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය දැනුම් දෙන්නේ අත්‍යවශ්‍ය යා වත් කාලීන කිරීමක් සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

එම යාවත් කාලීන කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සිදු කෙරෙන්නකි.

මේ වනවිට QR ක්‍රම වේදය සමග ලියාපදිංචි වී ඇති වාහන හිමියන් සංඛ්‍යාව ලක්ෂ 54කට අධික ය.

දින පහක් පුරා එම කේත ක්‍රමය දීපව්‍යාප්ත ව සිදුකෙරෙන අතර මේ වනවිට එහි සාර්ථකත්වයක් ඇතැයි ජනතාව පවසයි.