ගෑස් මිල අඩු කිරීම සඳුදාට කල් යයි

August 5, 2022 at 1:10 PM

ගෑස් මිල සංශෝධනය ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බවත්, නව මිල ගණන් එදින දැනුම් දෙනු ලබන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කර සිටිනවා.

මිට පෙර අද (05) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කිරීමට පියවර ගන්නා බවයි ලිට්රෝ සමාගම සඳහන් කර සිටියේ.

මිල සුත්‍රයට අනුව ගෑස් මිල සංශෝධනය කරන බවයි එම සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.