QR කේතය ප්‍රසිද්ධ නොකරන්නැයි දැනුම් දීමක්. කේත ක්‍රමයට තවත් වෙනසක්.

August 4, 2022 at 5:20 PM

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලැබෙන QR කේතය ප්‍රසිද්ධ නොකරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙයි.

එලෙස එම කේතය අන් අයෙකු වෙත ලැබීමෙන් එය අවභාවිත කිරීමේ අවදානමක් පවතින බවයි ඔහු පවසන්නේ.

යම් හෙයකින් QR කේතයට අදාලව පවතින ගිණුම මකා දැමීමට අවශ්‍ය වුවහොත් නව ගිණුමක් විවෘත කිරීමට ත් දැන් පහසුකම් සලසා ඇති බව අමාත්‍යවරයා පවසයි .