යුපුන් අබේකෝන් වසර 24කට පසුව ශ්‍රී ලංකාවට ලබාදුන් පදක්කම

August 4, 2022 at 7:07 AM

එංගලන්තයේ බර්මින්ග්හැම් නුවරදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම යුපුන් අබේකෝන් විසින් දිනා ගනු ලැබුවා.

එය සටහන් වූයේ වසර 24 කට පසු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මළල ක්‍රීඩා ඉසව්වකින් දිනූ පළමු පදක්කම ලෙසයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 ධාවන ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ලෙස ද යුපුන් අබේකෝන් අද ඉතිහාසයට එක් වුණා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වේ අවසන් තරඟයකට සහභාගීවී ඉන් පදක්කමක් දිනූ පළමු ආසියානු ක්‍රීඩකයා ලෙසද වාර්තා පොත් අතරට එක්වීමට යුපුන් අබේකෝන් සමත් වීම විශේෂත්වයක්.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසි කිරීමේ පැරා මළල ක්‍රීඩා ඉසව්වේ අවසන් මහා තරඟයට එක්වූ ශ්‍රී ලංකාවේ පාලිත හල්ගහවෙල එහි රිදී පදක්කම දිනා ගත්තා. ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 44 යි දශම 2 යි බිංදුවක්.