ගල්කිස්ස උසාවියේ වෙඩි තැබීමක්, මාස දෙකක් තුළ වෙඩි තැබීම් 19 කින් 21ක් මරුට.

August 4, 2022 at 3:03 PM

ගල්කිස්ස උසාවියේදි අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුවිය.

කෙසේවෙතත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

මේ අතර  මැයි 30 සිට මේ දක්වා වෙඩි තැබීම් 19 කින් පුද්ගලයන් 21 මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් මෙම සිදුවීම් වලට  සම්බන්ධ බවට තොරතුරු ඇතිබව ඔහු සඳහන් කරයි.


” මෙම වෙඩි තැබීම් පාලනයට බුද්ධි අංශ සමග පොලීසිය පියවර ගෙන තිබෙනවා.කෙසේවෙතත්
නිතිය ක්‍රියාත්මක කරනු ලබන පොලිස් නිළධාරින් හෑල්ලුවට ලක්කිරීම මගින් අපරාධකරුවන් ඉන් ප්‍රයෝජන ගැනීමට පෙළඹෙනවා. ඒ නිසා
ජනතාවට පොලීසිය සමග සුහදව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
මහජනතාවට බියවීමට කිසිදු හේතුවක් නොමැති අතර නීතිය හා සාමය සුරැකීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. ”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.