බස් ගාස්තු අඩු කෙරේ

August 4, 2022 at 1:25 PM

අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය බස් රථ ගාස්තුව 11.14% කින් පහත හෙලීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනා ගමන කොමිසම සඳහන් කර සිටිනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රු.38 සිට රු.34 දක්වා පහත වැටෙන බවයි ජාතික ගමනා ගමන කොමිසම සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බස් රථවල ආසන අනුව මගීන් පමණක් රැගෙන යාමට සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව බස් ගාස්තු සීයයට 20කින් වැඩි කිරීමට පියවර ගත් බවත්, පවතින ඉන්ධන හිඟය නිසා දැනට බස් රථ එම නීතිය ඉක්මවා කටයුතු කිරීම නිසා එම වැඩි කළ ගාස්තුවෙන් සීයයට 10ක් අඩු කිරීමට පියවර ගත් බවයි එම කොමිසම සඳහන් කළේ.

එමෙන්ම පසුගිය 01 වෙනිදා සිට අඩු කළ ඩීසල් මිල පහත හෙලීම නිසා බස් ගාස්තු සංශෝධන 1.14%ක් ලෙස අඩු කිරීමට තීරණය කර ඇත.