රාජ්‍ය සේවකයින් ගේ සිකුරාදා නිවාඩුව අවලංගුයි

August 2, 2022 at 11:20 AM

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරිමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනුම් දී සිටියා.

ඒ අනුව ලබන සිකුරාදා සිට රාජ්‍ය සේවකයින් සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ යුතු බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ.

පැවති ඉන්ධන හිඟය සහ ආහාර සුරක්ෂතාතාවය ඇති කර ගැනීම සඳහා සිකුරාදා දිනයේදී රාජ්‍ය සේවකයින්ට සිය නිවසේ වගා කටයුතු සිදුකිරීම සඳහා නිවාඩු ලබාදීම සිදුකෙරුණා.