නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසැල් අද වැසෙයි : ගංවතුර තත්ත්වය ගැනත් දැනුම් දීමක්

August 2, 2022 at 7:56 AM

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් එම තීරණය ගෙන ඇත්තේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙනයි.

මේ අතර පස්කදු කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. දුම්රිය මාර්ගය මතට කඩා වැටුණු පස් සහ ගල් ඉවත් කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර නිල්වලා ගඟ ද්‍රෝනියේ පහත් බිම් ප්‍රදේශවල පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් පවතිනු ඇති බවත් කඑගඟ ද්‍රෝනියේ ඉහල ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අඩු වෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.