හිටපු ජනපතිට නැවත සිය රට එන්න සුදුසු කාලය මෙය නොවෙයි – ජනපති කියයි

August 1, 2022 at 11:03 AM

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර වෝල් ස්ට්‍රීට් ජර්නයලය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙම අවස්ථාවේදී ඔහු යළි දිවයිනට පැමිණීම, ආර්ථික අ‍ර්බුදය හේතුකරගනිමින් තමන් නෙරපා හැරීමට පෙළ ගැසී සිටින විරෝධතාකරුවන් අතර යළි නැගිටීමක් සිදුවිය හැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සම්මුඛ සාකච්ජාවේදී කියා ඇත්තේ.