මධ්‍යම කඳුකරයට තද වැසි : ජනතාවටත් විශේෂ දැනුම් දීමක්

August 1, 2022 at 3:41 PM

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර, ලක්‍ෂපාන සහ කැනියොන් යන ජලාශ වාන් දොරටු විවෘත කර ඇත.

මේ හේතුවෙන් පහත් බිම් රැසක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින අතර නාය යාමේ අවදානම් කලාප වල ජනතාව අවදානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටින්නේ.

මේ වන විට නිකුත් කර ඇති කාලගුණ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිවේදන කිහිපයක් පහතින්.