වෙරළබඩ පොලිස් වසමේ වෙඩි තැබීමක්

July 31, 2022 at 9:32 AM

වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද කන්ද පාරේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවූ කොටහේන විවේකානන්ද පාර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.