ලොව දින ගණනක් බලා සිටි චීන රොකට්ටුවේ කොටස් පෘථිවියට කඩා වැටුණු අයුරු.

July 31, 2022 at 5:01 AM

පසුගිය ජූලි 24 වැනිදා කක්ෂ ගතකරන ලද චීන CZ5B රොකට්ටුව ඊයේ රාත්‍රියේ පෘථිවියට කඩා වැටුණි.

මෙමෙගින් අභ්‍යාවකාශයට රැගෙන යන ලද්දේ චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත උපකරණ තොගයකි.

ටොන් 25 ක් බර එම රොකට්ටුවේ අවශේෂ කොටස්  පෘථිවි කක්ෂයට එපිටින් නිදහසේ පාවෙන බවත් ඒවා කුමන මොහොතක හෝ පෘථිවියට ඇතුලුවිය හැකි බවටත් අනාවැකි පළවිය.

ඒ සමග ලොවපුරා අවධානය යොමුවූයේ ඒවා ගොඩබිමකට කඩා වැටේද යන බියෙනි.

ප්‍රක්ශේපිත ප්‍රදේශ අතර ඉන්දියන් සාගරයට වැඩි සම්භාවිතාවක් ද පැවති අතර, ඊයේ රාත්‍රියේ එම කොටස් පිලිපීනයේ සුලු මුහුදට කඩා වැටුණි.

ටොන් 25ක් බර රොකට්ටුවේ ටොන් 10 ක පමණ කොටස් පෘථිවියට කඩා වැටෙන බවට අනාවැකි පළවූ නමුත් බොහොමයක් කොටස් පෘථිවි කක්ෂයට ඇතුළු වීමේ දී දැවී ගොස් තිබූ බව වාර්තා වේ.

යලිත් චීනය මෙවැනි රොකට්ටුවක් කක්ෂ ගතකිරීම ට නියමිතව ඇත්තේ ලබන ඔක්තෝබර් මාසයේයි.