ලබන සතියේ පාසැල් පැවැත්වෙන ආකාරය

July 30, 2022 at 1:33 PM

පසුගිය සතිය තුළ පාසල් පැවත්වූ ආකාරයටම ලබන සඳුදා (අගෝස්තු 01) සිට සිකුරාදා (05) දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පැවැත්වීමට අද දින තීරණය කරන ලදී.

ඒ අනුව සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබාදීමට සිදුකෙරේ. නැතහොත් මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට ද ඉඩප්‍ස්ථාව ඇත.

එසේ වුවද ප්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය මත බදාදා සහ සිකුරාදා දිනවල ද පාසල් පැවැත්විය හැකිය.

මෙහිදී පාසල් තුළ පවතින තත්වයන් සලකා සෑම ගුරුවරයකුටම අවම වශයෙන් දින තුනක් පාසලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට හැකිවන ලෙස නම්‍යශීලී කාල සටහනක් සකස් කළ හැකිය.