පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම, ඔබ දැනගත යුතු කරුණු !

July 29, 2022 at 7:45 AM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  ශ්‍රීලංකා පාර්ලිමේන්තුව ජූලි 28 මධ්‍යම රාත්‍රියේ සිට වාරාවසාන කර තිබේ.

ගැසට් නිවේදනය අනුව නව සභාවාරය ලබන අගෝස්තු 3 දා පෙරවරු 10/ 30 ට ආරම්භ කෙරේ.

මේ ඊට අදාල ගැසට් නිවේදනයයි.


මෙලෙස පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ජනාධිපතිවරයා ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බලය පවරා ඇත.


මෙලෙස පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම තාවකාලික විරාමයක් ලෙස හඳුන්වා දෙයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ධුර කාලය අවසන් වීමක් සිදු නොවේ.

එමෙන්ම  නව සභාවාරයේදී ද මින් පෙර සභාවාරයේ පැවැති නිම නොවූ කරුණු පිලිබඳව ඉතිරි පියවර ගැනීමට බලය ඇත. ඒවා අහෝසි වීමක් සිදු නොවේ.

 


එසේ වුවද පහත දැක්වෙන කාරක සභාවල බලතල පාර්ලිමේන්තු  වාරාවසාන කිරීමකදී අහෝසි වනු ඇත.

 

මෙලෙස වාරාවසාන කළ පාර්ලිමේන්තු සභාවාරයකට පසු නව සභා වාරය උත්සවාකාරයෙන් ආරම්භ කෙරෙන අවස්ථාවේ ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි. නමුත් එය සම්බන්ධයෙන් විවාදයක් හෝ ඡන්ද විමසීමක් නැත.