නොවැම්බර් දක්වා පාසල් දිගටම ! ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 27 !

July 29, 2022 at 4:44 PM

 

ප‍්‍රමාද වූ 5 ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 පැවැත්වීමෙන් පසු උසස්පෙළ විභාගය ද නොවැම්බර් 28 සිට දෙසැම්බර් 23 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතය .

ඒ අනුව ලබන සඳුදා සිට නිවාඩු නොමැති ව නොවැම්බර් මස අග වන තෙක් පාසල් පවත්වමින් අතපසු වූ අධ්‍යයන කටයුතු ආවරණය කිරීමටත් අධ්‍යාපන අමාත්‍යංශය  සැලසුම් කර ඇත.

එමෙන් ම 1,2 ශේණිවල ප‍්‍රාථමික අධ්‍යාපනය අහිමි ව 3 ශේණියට පිවිසෙන දරුවන්ගේ පවත්නා සාධනීය මට්ටම් හඳුනාගැනීමට විද්‍යාත්මක ක‍්‍රමවේද ඔස්සේ මේ වන විටත් සමීක්ෂණ සිදු කර ඇති අතර එම වාර්තා මත පදනම් ව එම සිසුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සැලසුම් කරන බව අධ්‍යාපන  අමත්‍යවරයා පැවසී ය. එම දරුවන් ට  50% ක අධ්‍යාපනය අහිමි  වී ඇතිබව අමාත්‍යවරයා පැවසීය.