ජනපති ධජය සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

July 29, 2022 at 11:28 AM

මහජන විරෝධතා අතරතුර කොළඹ ජනාධිපති කාර්යාලයේ තිබූ ජනාධිපති නිල කොඩිය සොරාගත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජුලි 09 වැනි දින පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් අතරතුර මහජනතාව කඩා වැදී ජනාධිපති කාර්යාලයට කඩා වැදීමෙන් පසු මෙම පුද්ගලයා කොඩිය සොරකම් කර තිබුණා.

එම පුද්ගලයා කොඩිය ඉනේ බැඳගෙන එහා මෙහා යන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන ද හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉන් අනතුරුව එම පුද්ගලයා එම කොඩිය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කර ඇති අතර එය පුළුස්සා විනාශ කිරීමට ද අදහස් කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක දැක්වෙනවා.

සීසීටීවී දර්ශන ඔස්සේ ලබාගත් සාක්ෂි අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.

අද දිනයේදී ඔහු පොලිසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.