එකඟතාව දැනුම් දෙන්න! ජනපති රනිල් වැඩපිලිවෙල දන්වමින් මන්ත්‍රීවරුන් ට ලියයි

July 29, 2022 at 8:31 PM

පවතින අර්බුදකාරී තත්වයෙන් රට මුදා ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස ඇරයුම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යවා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා ක්‍රමය යළි ස්ථාපනය කිරීම ඇතුලු කරුණු ජනාධිපතිවරයා එම ලිපියේ සඳහන් කර ඇති බවයි.

අදාල වැඩපිලිවෙල සම්බන්ධයෙන් පුලුල් සංවාදයක් සඳහා එක්වීමේ එකඟතාව දැනුම් දෙන  ලෙසද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.