සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් අත්අඩංගුවට

July 28, 2022 at 2:33 PM

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහු අද දිනයේදී අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී.

පසුගිය ජුලි මස 13 වෙනිදා පොල්දුව මංසන්ධිය අසලදී ඇතිවූ කලහකාරී සිදුවීමක් සම්බන්ධයෙන් පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මිට පෙර පොලිසිය විසින් ඔහුට රටින් පිටව යෑම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද ගෙන තිබු බවයි වාර්තා වුයේ.