බලශක්ති ඇමතිගෙන් දැනුම් දීමක්

July 28, 2022 at 8:40 AM

වාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට දැන් ඔවුන්ගේ සියලුම වාහන ඉන්ධන බලපත්‍රයේ ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කළ හැකි බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

එමෙන්ම යන්ත්‍රෝපකරණ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කළ හැකිවන අතර ඒ සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතා සතිපතා නිකුත් කෙරීම සිදුකරනු ලබන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ඊයේ රාත්‍රී 8.30 වන විට ලියාපදිංචි වී ඇති සමස්ත පාරිභෝගිකයින් සංඛ්‍යාව මිලියන 4.25ක් බව අමාත්‍යවරයා පවසනවා.

මේ අතර ඉන්ධන පිරවුම්හල් 481ක් ඊයේ දිනය වන විට ලියාපදිංචි වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා. එහිදී සිපෙට්කෝ පිරවුම්හල් 409ක් සහ IOC පිරවුම්හල් 72ක් ලියාපදිංචි වී ඇත.

ඊයේ දිනයේදී ජාතික ඉන්ධන බලපත්‍රයේ QR ඛේත ක්‍රමය ඔස්සේ වාහන 158,208ක් ඉන්ධන ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියා.