පාර්ලිමේන්තුවේ වාර අවසන් කෙරේ

July 28, 2022 at 9:06 PM

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය අනුව නැවත පාර්ලිමේන්තුව අගෝස්තු මස 03 වෙනිදා පෙරවරු 10.30ට කැඳවනු ලබන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.