තිස්සකුට්ටි ආරච්චි ඇතුලු පිරිසකට ආණ්ඩුපක්ෂයේ තනතුරු

July 28, 2022 at 12:44 PM

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සහ සහකාර සංවිධායකවරුන්ට ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඊයේ (27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනැමිණි.

 

ඒ අනුව නීතීඥ ගරු සාගර කාරියවසම් සහ ගරු ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් නියෝජ්‍ය සංවිධායකවරු ලෙසද ගරු කෝකිලා ගුණවර්ධන, ගරු මධුර විතානගේ, ගරු තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරයන් සහකාර සංවිධායකවරු ලෙසද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අදාළ පත්වීම් ලිපි ලබා ගත්හ.