අරගලය ඉල්ලන ක්‍රම වෙනස අපත් පිළිගන්නවා – ජනපති කියයි.

July 28, 2022 at 8:42 AM

 

අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීමයි. එය අපිත් පිළිගන්නවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා  මේ බව සඳහන් කළේ ඊයේ (27) පස්වරුවේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී එහි කාර්ය මණ්ඩලය අමතමිනි.

සියලුදෙනාට රටේ නීතිය අනුව සාමකාමී  විරෝධතා වල නිරත වීමේ අයිතිය ඇති බවත් ඊට ගරු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කලේය.

ගාලුමුවදොර අරගලයේ නිරත තරුණ තරුණියන් අතර විවිධ නිර්මාණශීලිත්වය ද පෙන්නුම්කළ බව වික්‍රමසිංහ මහතා පැවසීය.

තමා රට භාරගත්තේ අභියෝගාත්මක අවධිය ක බවත් ආර්ථිකය නැංවීමට මේ වන විට පියවර රැසක් ගෙන ඇති බව ද කියා සිටියේය.