සතිපතා ලබාදෙන ඉන්ධන කෝටාවන් ඉහළ දමයි

July 26, 2022 at 1:39 PM

ලියාපදිංචි පරිශීලකයන් කිහිප දෙනෙකුට අනුව ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය යටතේ වාහන සඳහා වෙන් කර ඇති ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත.

නව ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමය යටතේ වාහන සඳහා සතියකට ඉන්ධන කෝටාවක් බලශක්ති අමාත්‍යාංශය විසින් වෙන් කර තිබෙනවා. ලියාපදිංචි පරිශීලකයින් කිහිප දෙනෙකු ඔවුන්ගේ ජාතික ඉන්ධන අවසර පත්‍ර යෙදුමේ පෙන්වන කෝටාවෙහි වැඩි වීමක් වාර්තා කර ඇත.

ඒ අනුව, සතියකට ඉන්ධන කෝටාව පහත පරිදි වැඩි වී ඇති බව වාර්තා වේ.

කාර් රථ සඳහා – ලීටර් 20 යි

ත්‍රිරෝද රථ – ලීටර් 05

යතුරුපැදි – ලීටර් 04

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය අගෝස්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කළේ.