රජයේ ආයතන කිහිපයකට නව පත්වීම්

July 26, 2022 at 10:37 AM

දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් තනතුරට D.R.S. හපුආරච්චි, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස P.B.S.C. නෝනිස් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබෙනවා.

එමෙන්ම භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා ලෙස W.A. සත්කුමාර පත් කොට ඇති අතර තොරතුරු තාක්ෂණ කළමනාකරණ ආයතයේ අධ්‍යක්ෂක ජනරාවරයා ලෙස ජූඩ් නිලුෂාන් පත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ  කැබිනට් පත්‍රිකාවන් අනුව මෙම පත් කිරීම් සිදුකිරීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අවසර ලබාදී තිබෙනවා.