ඉන්ධන වංචා කර හසුවන්නට ලැබෙන දඬුවම ගැන ඇමති කියයි

July 26, 2022 at 11:05 AM

ඉන්ධන වංචා සිදුකරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුල මෙන්ම ප්‍රවෘත්ති හරහා පළවන වීඩියෝ සහ ජායාරූප සාක්ෂි අනුව ඒවා තහවුරු කර ගත හැකි වුවහොත් අදාළ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම QR ඛේත ක්‍රමය ඔස්සේ අත්හිටුවීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

එමෙන්ම සෑම මසකම 01 වෙනිදා සහ 15 වෙනිදා යන දිනයන් හිදී මිල සුත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ දී තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.