QR ඛේත ක්‍රමය අදත් ක්‍රියාත්මක නොවෙයි : ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්

July 25, 2022 at 10:16 AM

QR ඛේත ක්‍රමය යටතේ ඉන්ධන ලබාදීමේ වැඩසටහන අද දිනයේ දිවයිනපුරා ක්‍රියාත්මක නොවන බව වාර්තා වනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම ක්‍රමය අද සිට ක්‍රියාත්මක වන බවයි.

කෙසේවෙතත් අදාළ නියමු ව්‍යාපෘතිය පමණක් තවත් ඉන්ධනහල් කිහිපයකදී අද දිනයේ ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවා.

මේ අතර අද දිනයේද දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇති බවයි වාර්තා වන්නේ.