වැලිකඩදී අතුරුදන් ගිණිඅවිය දියවන්නාවෙන් හමුවේ

July 25, 2022 at 11:22 AM

මේ පොලිස් මාධ්‍ය කොට්ටාශය අදාල සිද්ධිය සම්බන්ධයෙන් නිකුත්කල නිවේදනය යි.

2022.07.13 වන දින වැලිකඩ පොලිස් වසමේ පොල්දූව හන්දිය අසල පැවති
අරගලයේ දී එම ස්ථානයේ  රාජකාරි කළ  යුධ හමුදො නිලධාරියෙකු ට   අරගලකරුවන්
විසින්පහරදී ටී 56 වර්ගයේ  ගිණි අවිය කොල්ලකා තිබිණි.

2022.07.23 වන දින නාවික  හමුදා  කිමිදුම්  බලකොයේ නිලධාරීන්  විසින් රාජගිරියේ 
සමනල පොලම අසල දියවන්නා ජලාශයේ පාර්ලිමේන්තු ව දෙසට වන්නට  පාලම යට
ජලයේ තිබියදී ඉහත කොල්ලකන  ලද ගිණි අවිය හා හිස් පතරොම් ගැබක් සොයා ගෙන වැලිකඩ පොලීසිය වෙත  ඉදිරිපත්කර ඇත.

වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසයි.