සිංහගිරි- අඩ සියවසක සිංහාභිමානය සිංහගිරි – අඩ සියවසක විශිෂ්ඨත්වයේ සැමරුම

July 24, 2022 at 8:00 AM

පුංචි රටක ලොකු හීන දකින සෑම ශ්‍රීලාංකීය  පවුලකටම සතුට, නිදහස සහ සුව පහසුවෙන් පිරී ඉතිරෙන නිවසක් ලබාදීම අරමුණු කරගත් සිංහගිරි මෙහෙවරට පනස් වසරක් පිරෙන අභිමානවත් මොහොත අප සිහිකරන්නෙ ඒ වෙනුවෙන් දිවා රෑ කැපවුණු සියළු දෙනාටම හදපිරි ප්‍රණාමය සහ කෘතඥතාවය පුද කරමිනි.

අඩ සියවසක් මුළුල්ලේ පරපුරෙන් පරපුරට සිංහගිරි කෙරෙහි පාරිභෝගික ඔබ තැබූ විශ්වාසය සහ හිතවත්කම අප ආ සෑම පියවරක් පසුපසම තිබූ දැවැන්තම ශක්තිය බව ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

තවද ආරම්භයේ පටන් දශක ගණනක් මුළුල්ලේ අප හා  සම්බන්ධව ව්‍යාපාරික කටයුතු කරමින් සිටින ගෘහ විදුලි උපකරණ ක්ෂේත්‍රයේ ලෝ ප්‍රකට සන්නාම හිමිකරුවන් සහ ඔවුන්ගේ නියෝජිතවරුන් සිංහගිරි කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව අප මතක් කර සිටින්නේ ඉමහත් ගෞරවයකිනි.

 

වසර 1930දී සුගතදාස මාරසිංහ මහතා විසින් අභිනවයෙන් ආරම්භ කරන ලද සිංහගිරි වෙළඳසැල 1972දී සීමාසහිත  පෞද්ගලික ආයතනයක් බවට පරිවර්තනය වූයේ, ඔබ අද හොඳින් හඳුනන 300කට අධික දීප ව්‍යාප්ත ශාඛා ජාලයකින් යුත් සිංහගිරි ප්‍රයිවට් ලිමිට්ඩ්  ආයතනය බිහි කරමිනි.

 

නිවැරදි නායකත්වයක්, අනාගතය පිළිබඳ නිවැරදි පුරෝකතනයන් හා තීක්ෂණ ව්‍යාපාරික බුද්ධිය ඇතුළු සාර්ථකත්වයේ තිරසාර සාධක පෙරදැරිව කැපවීම, අධිෂ්ඨානය සහ අපරිමිත ධෛර්‍යයෙන් ගොඩනැගුණු සිංහගිරි අද වන විට දහස් ගණනක කාර්යය මණ්ඩලයකට  රැකියා උත්පාදනක කරමින්, සමාජයේ පවතින විවිධ ගැටළු සඳහා  මූල්‍යමය වශයෙන් ලාභදායී සහ ගුණාත්මක විසඳුම් ලබාදෙමින් ආදර්ශමත් ගමනක් පැමිණ ඇතිබව නිහතමානීව ප්‍රකාශ කළ හැක.

 

ආරම්භයේදී රෙදිපිළි සම්බන්ධ ව්‍යාපාරයක නියැලුණු සිංහගිරි ආයතනය 1977 වසරේදී ඉලෙක්ට්‍රොනික උපාංග හා උපකරණ පිළිබඳව ඇති වූ විප්ලවීය ආකර්ෂණය සමඟින් මෙරට වෙළඳ පොලට ලොව ප්‍රමුඛතම සන්නාම යටතේ ගෘහ විදුලි උපකරණ ආනයනය කිරීම ආරම්භ විය .

 

ඉලෙක්ට්‍රොනික ලොව දැවැන්තම සන්නාම හිමිකරු වන Samsung මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියා වන සිංහගිරි, එතැන් පටන් ලොවපුරා ප්‍රචලිත අන්තර්ජාතික සන්නාම රැසක බලයලත් ශ්‍රීලාංකීය නියෝජිතයා වශයෙන් කටයුතු කරමින් සිය නිශ්පාදිත සමූහය වර්ධනය කරගැනීමට සමත් විය. මෙරටට නවීනතම තාක්ෂණයෙන් හා උසස්ම ගුණාත්මක බවින් හෙබි ගෘහ විදුලි උපකරණ ආනයනයේ ප්‍රමුඛයා වන සිංහගිරි සතුව අද වනවිට, ලොව විශිෂ්ඨතම සන්නාම යටතේ නිශ්පාදනය වන ගෘහ විදුලි උපකරණ හා උපාංග විශාල ප්‍රමාණයක් වෙළඳපොලට ඉදිරිපත් කර ඇත.

 

දියුණුවන තාක්ෂණය හා  දිනෙන් දින වෙනස්වන පාරිභෝගික අපේක්ෂාවන් හමුවේ, ශ්‍රී ලාංකිකයන්ට දැරිය හැකි මිලකට, ලොව උසස්ම තත්ත්වයේ ඉලෙක්ට්‍රොනික නිශ්පාදිත ලබාදීම අරමුණු කරගත් සිංහගිරි විසින් පසුකාලීනව ප්‍රධාන පෙලේ සන්නාමයන්ට අමතරව තත්ත්වයෙන් උසස් ලාභදායී ගෘහ විදුලි උපකරණ නිපදවන සන්නාම රැසක නියෝජිතත්වය ලබාගැනීමට කටයුතු කිරීම සිදුවිය. වෙළඳපොල හා පාරිභෝගික අවශ්‍යතාවයන් පිළිබඳ දැඩි අවධානයකින් හා  අවබෝධයකින් පසුවන සිංහගිරි ආයතනය, ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාරිභෝගිකයා  නිශ්පාදිතයක් තුළින් අපේක්ෂිත් තෘප්තිය අවම වියදමකින් ලබාදීමට හැකි ආකාර පිළිබඳ ගවේෂණය කිරීමට නිරන්තරයෙන් උත්සහ දරයි.

අද වනවිට සිංහගිරි ආයතනය සතුව දිවයින පුරා  100කට අධික ශාඛා ප්‍රමාණයක් හා  ප්‍රමුඛ පෙළේ ප්‍රදර්ශණාගාර 12කින් යුත් ජාලයක් මෙන්ම බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලේ පිහිටි තීරු බදු රහිත වෙළඳ සංකීර්ණයේ ශාඛාවක් සහ 200කට අධික දීප ව්‍යාප්ත වෙළඳ නියෝජිත ජාලයක් ඇත.

විදේශීය පුහුණුව ලැබූ පළපුරුදු ඉංජිනේරුවන් , වෘත්තීමය නිපුණත්වයෙන් හෙබි කාර්මික ශිල්පීන් සහ පාරිභෝගික ගැටළු නිරාකරණය වෙනුවෙන් කැපවූ අලෙවියෙන් පසු සේවා රැසකින් සමන්විත සිංහගිරි මෙහෙයුම් කාර්යය මණ්ඩලය ඔබ මිලදී ගන්න සෑම උපකරණයකම කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටළු, අළුත්වැඩියා කටයුතු, දෝෂ නිරාකරණය සහ සේවා නඩත්තුව ආදී සම්බන්ධයෙන් ඉක්මන් හා කඩිනම් විසඳුම් සැපයීමට කැපවී සිටියි.

 

රස වින්දනය, සැහැල්ලුව සහ සතුට සෑම නිවසකටම රැගෙන යන සිංහගිරි දැක්ම තුළ වසර 50ක ව්‍යාපාර අත්දැකීම් හා නව වෙළඳපොල ප්‍රවණතා පිලිබඳ දැනුම දේශීය ගෘහ විදුලි උපකරණ වෙළඳපොලට ආදේශ කරමින්, පාරිභෝගිකයාට අවම මිලකට කල්පැවැත්මෙන් හා ප්‍රමිතියෙන් උසස්, උපයෝගීතාවයෙන් ඉහළ නිශ්පාදිත දේශීය වෙළඳපොල තුල ප්‍රචලිත කරවීමේ අරමුණින් සිංහගිරි –SGL සන්නාමය හඳුන්වාදීම සිදුවිය.

 

ශීතකරණ. වායුසමීකරණ නිශ්පාදිත හා බහුකාර්යය විදුලි උපකරණ ඇතුළු මුළුතැන්ගෙට නැතුවම බැරි විදුලි උපකරණ රැසක් මේ වන විට SGL සන්නාමය යටතේ වෙළඳපොලට ඉදිරිපත් කර ඇත.

වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා, ආර්ථික බලපෑම් වැනි තීරණාත්මක සාධක හමුවේ ඇතිවන නව ව්‍යාපාර ප්‍රවණතා සහ අවස්ථාවන්  හඳුනාගනිමින්, කවදත් පාරිභෝගික ගැටළු සඳහා ගුණාත්මක විසඳුම් ලබාදුන් සිංහගිරි මේ වනවිට ශ්‍රීලංකාව මුහුණදී සිටින බලශක්ති අර්බුදය සහ ආර්ථික අවපාතය හමුවේ ජන ජීවිතයට ඇති බලපෑම අවම කිරීම වෙනුවෙන් පිරිවැයෙන් අඩු සහ පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති විසඳුමක් වශයෙන් Singhagiri – Solar සහ ඒ සම්බන්ධ සේවාවන් ලබාදීමට ආරම්භ කර ඇත.

 

අඩසියවසක් මුළුල්ලේ ශ්‍රීලාංකික වෙළඳපොලට ලොව සුපතල උසස්ම ප්‍රමිතියේ ගෘහ විදුලි උපකරණ හඳුන්වාදීම සහ පරම්පරා ගණනක නොබිඳුණු විශ්වාසයේ විශිෂ්ඨත්වය වෙනුවෙන් LMD සඟරාව විසින් සිංහගිරි ශ්‍රීලංකාවේ ගෞරවාන්විතම ව්‍යාපාර ආයතන 100 අතරට නම් කිරීම සිදුවිය.  

 

ලාභ අරමුණ අභිබවා ගිය ජාතික මෙහෙවරක් වෙනුවෙන් කැපවන සිංහගිරි දේශීය වෙළඳපොල තුළ රුපියල් මිලියන 400කට වඩා වැඩි වාර්ෂික අලෙවි මෙහෙයුමක නියැලී සිටින, ගෘහ විදුලි උපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාර ආයතන කිහිපය අතරින් ඉහලින්ම සිටින 100% දේශීය ව්‍යාපාර ආයතනයකි. රටේ සෑම නිවසකටම, සුවපහසු ජීවිතයකට අවශ්‍ය කරන ලොව නවීනම තාක්ෂණයෙන් බලගැන්වුණු නිශ්පාදිත ගෙන ඒමේ වගකීමට අමතරව රටේ දහස් ගණනකට රැකියා උත්පාදනය කිරීමටත් සිංහගිරි ආයතනය කැපවී සිටියි.

 

වඩාත් සැපවත්, නිදහස් සහ සතුටින් පිරි නිවහනක්, ජීවිතයක් වෙනුවෙන් පුරා  වසර 50ක් පුරාවට ඔබට හොඳම දේ රැගෙන ආ සිංහගිරි තවත් වසර සිය ගණනක් ඉදිරියටත් ඒ ජාතික මෙහෙවර වෙනුවෙන් කැපවන බවට වන විශ්වාසයෙන්, මේ ආ දිගු ගමනට වෙහෙසවූ, නායකත්වය ලබාදුන් සියළු සිංහගිරි කාර්යය මණ්ඩලයට අභිමානවත් අඩසියවසක සිංහාභිමානය වෙනුවෙන් සුබාශිංසන!