සඳුදා සිට පාසැල් යළි විවෘත කෙරේ

July 23, 2022 at 1:10 PM

ලබන සඳුදා දින සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී සිටිනවා.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක‍්‍රියාකාරකම් ලබා දෙන බවත් එසේ නොමැතිනම් නැතහොත් මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කලේ.

මේ අතර එළැඹෙන සඳුදා සිට දිවයින පුරා පාසල් ආරම්භ කිරීමේදී පාසල් ළමුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර ඇත.

ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද ප.ව 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපතිතුමා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇත.