ගෝල්ෆේස් සිද්ධිය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවධානය

July 23, 2022 at 5:18 AM

ගාලුමුවදොර අරගල භූමියේ 21දා රාත්‍රියේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ
එහි ප්‍රකාශක ජෙරමි ලෝරන්ස් පවසන්නේ ජාත්‍යන්තර නීතියට පටහැණි එවැනි ක්‍රියාවන් වහා නැවැත්විය යුතු බවයි.

“ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුද බලහත්කාරයෙන් විසඳිය නොහැක. ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව ශ්‍රී ලාංකිකයන්ට විශ්වාසය යළි ගොඩනැංවීම ආරම්භ කළ හැක්කේ පුළුල් උපදේශන සහ සංවාදයකින් පමණි. සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා සැබෑ ව්‍යුහාත්මක හා ආයතනික ප්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා නව ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය දණ්ඩමුක්තිය ආමන්ත්‍රණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

අදාල වීඩියෝ පණිවුඩය පහළින්

ජිනීවා කවුන්සිලයේ ප්‍රකාශය