මැතිවරණයේ ජය රනිල් වික්‍රමසිංහට

July 20, 2022 at 12:42 PM

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පැවැත්වුණා. එහිදී ජන්ද 134 ලබා ගනිමින් ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වුවා.

අද පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට 134 ජන්ද , ඩලස් අලහප්පෙරුම 82 ජන්ද සහ අනුර කුමාර දිසානායක ජන්ද 03 ලබා ගනු ලැබුවා.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක නාම යෝජනා භාර දෙනු ලැබුවා.

අද මැතිවරණයේ ප්‍රකාශිත සමස්ත ජන්ද සංඛ්‍යාව 223ක්. ඉන් වලංගු ජන්ද සංඛ්‍යාව ලෙස සලකනු ලැබුවේ ජන්ද 219ක්. අවලංගු ජන්ද සංඛ්‍යාව 04ක්

අද පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී සෙල්වරාජා ගජේන්ද්‍රන් සභා ගර්භයට පැමිණ සිටියේ නැහැ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියා.