සංශෝධිත බස් ගාස්තු අද ප්‍රකාශයට පත් කෙරේ

July 19, 2022 at 9:17 AM

ඉන්ධන මිල ගණන් අඩු කිරීම හමුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුද අඩු කෙරෙනවා. සංශෝධිත නව බස් ගාස්තු අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ.

ඩීසල් මිල අඩුවීම හමුවේ බස් ගාස්තු සංශෝධනයට අදාල ගණනය කිරීම් සිදු කර ඉදිරිපත් කළ නිර්දේශවලට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ අනුමැතිය හිමිවූ බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කර සිටියේ.