රන්ජන් අධිකරණය හමුවට.

July 18, 2022 at 10:31 AM

අධිකරණය ට අපහාස කිරීමේ චෝදනාවට සිරගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එන ලදී.

ඔහු මෙලෙස නඩු කටයුත්තක් වෙනුවෙන් රැගෙන එනුලැබ ඇත්තේ රන්ජන් රාමනායක ට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කෙරෙන බවට පුවත් පලවන කාල වකවානුවකයි.

ඔහු නිදහස් කිරීමට අදාල කටයුතු සූදානම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයා ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.