පෝලිම් ඉවත් කරනතුරු ඉන්ධන සැපයීමක් නෑ.- බලශක්ති අමාත්‍ය

July 18, 2022 at 7:56 AM

පවතින තත්ත්වය හමුවේ තවදුරටත් ඉන්ධන පිරවුම්හල් අසල ජනතාව රැඳී සිටින්නේ නම් එම පිරවුම්හල් වලට ඉන්ධන නිකුත් නොකෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

දැනට මෙරටට ලැබෙමින් පවතින ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බෙදාහැරීම ලබන 21දා ආරම්භ වීමට නියමිතය.

ඒ සඳහා වාහන අංකයේ අවසාන අංකය අනුව දින ප්‍රකාශයට පත් කෙරෙන අතර සතිපතා ඉන්ධන කෝටාවක් සෑම වාහන හිමියෙකුටම සහතික කෙරෙන QR කේත වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක වේ.

මෙපෙස ඉන්ධන ගැටලුව විසඳීමට කටයුතු කෙරෙන අතරතුර ඇතැමුන් තවමත් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් ගැසී සිටීම ගැටලුවක් බව ඔහු පෙන්වා දෙයි.