අරගලයේ නිරත පිරිස මෛත්‍රී ගෙන් කළ ඉල්ලීම

July 18, 2022 at 8:33 PM

ගෝල්ෆේස් පුරවැසි අරගලය නියෝජනය කරන කණ්ඩායමක් අද (18) පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිමට පැමිණියේය.

 

එහිදි 20 වනදා පාර්ලිමේන්තුව විසින් පත් කිරිමට නියමිත අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස්  ප්‍රකාශ කළ අතර එහිදි ඔවුන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රධාන වශයෙන්ම ඉල්ලා ඇත්තේ  ජනාධිපති අනුප්‍රාප්තිකයා තෝරනු ලබන ජන්ද විමසිමේදි ජන්දය ප්‍රකාශ කරන ලෙසයි.

එහිදි ඔවුන් ඉදිරිපත් කළ යෝජනා හෙට රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත  යොමුකර පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මතයද විමසා සුදුසු පියවරක් ගැනිමට නියමිතව ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.