QR ක්‍රමයට 20වැනිදා සිට ඉන්ධන, අංකතහඩුවේ අවසන් අංකයට ඉන්ධන ලැබෙන දින.

July 17, 2022 at 6:03 PM

QR කේතය ලබා ගැනීමෙන් අනතුරුව වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන බෙදා හැරීම ලබන 20 වැනිදා සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වනබව ඉන්ධන හල් හිමියන් වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව

0,1,2-  සඳුදා ,බ්‍රහස්පතින්දා

3,4,5- අඟහරුවාදා සහ සිකුරාදා

6,7,8,9- බදාදා ,සෙනසුරාදා ,ඉරිදා

යනදින ලබා දී ඇති බව වාර්තා වේ.

මේ වන විට www.Fuelpass.gov.lk වෙබ් අඩවිය මගින් බොහෝ දෙනෙකු සිය QR කේතය ලබා ගෙනඇති අතර ,වාහන එකකට වඩා හිමි ආයතන වලටද එම පහසුකම ලබා දීම සඳහා වැඩකටයුතු සලසමින් ඇත.

ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසුවේ ඉදිරියේදී මසකට අවශ්‍ය ඩීසල් ඉන්ධන මෙරටට ලැබෙමින් පවතින බැවින් ජනතාව මෙම ක්‍රමය හරහා ඉන්ධන ලබාගැනීම තුලින් අනවශ්‍ය තද බදය වළක්වා ගන්නා ලෙසයි.