ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමවේදය අද හඳුන්වා දීමට යයි

July 16, 2022 at 10:10 AM
ඉන්ධන බෙදීම ක්‍රමවත් කරන වැඩසටහනක් ඇරඹිමට රජය පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඒ අනුව එක් හැඳුනුම් පත් අංකයකට එක් වාහනයක් ලියාපදිංචි කරනු ලබන අතර වාහනයේ චැසි අංකය ඇතුළුව අනෙකුත් විසතර තහවුරු කර ගැනීමෙන් පසුව QR කේතයක් අදාළ වාහන හිමියාට නිකුත් කෙරෙනු ඇත.

වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකය සහ QR කේතය අනුව සතියකට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දින 02ක් වෙන් කිරීමට සැලසුම් කරන බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරන්නේ.