ඉන්ධන නෞකාවක් දිවයිනට : ඉන්ධන බෙදා දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට යයි

July 16, 2022 at 9:07 AM

අද උදෑසන ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ලඟා වු බවත් එහි සාම්පල් පරික්ෂාව මේ වන විට සිදුකරමින් පවතින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

එමෙන්ම ඩීසල් තොග රැගත් තවත් නෞකාවක් අද දිනය තුලදී මෙරටට පැමිණීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ අතර පෙට්ට්‍රල් රැගත් නෞකාවක් මෙම මස 18-19 යන දිනයන් හිදී පැමිණීමට නියමිතව ඇති බවද අමාත්‍යවරයා සඳහන්කර සිටියා.

මේ අතර ඉදිරියේදී ඉන්ධන බෙදා හැරීමේ නව ක්‍රමවේදයක් අද දිනයේදී හඳුන්වාදීමට නියමිතය.

ජාතික ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය සඳහා ලියාපදිංචි විය හැකි වෙබ් අඩවිය තව සුළු මොහොතකින් පහත සඳහන් සක්‍රිය කෙරේ.

වෙබ් අඩවිය : http://fuelpass.gov.lk