නව ජනපති තෝරන අයුරු, කුසපත් ක්‍රමයකුත් පනතේ සඳහන් වෙයි.

July 15, 2022 at 11:09 AM

නව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ වැඩපිලිවෙල  සඳහා  පාර්ලිමේන්තු ව හෙට රැස්වේ
එම කටයුතු සිදුවන්නේ ව්‍යවස්ථානුකූලව සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත යටතේයි.

ඒ අනුව  ඉල්ලා අස් වී දින තුනක් තුල පාර්ලිමේන්තුව රැස් කලයුතුය.

ඉන් දින 2-7 කාලයක් තුල නාම යෝජනා කැඳවයි .

එක්  නා ම යෝජනාවකට වඩා ඉදිරිපත් වූවොත් දින දෙකකට පසු ඡන්ද විමසීමක් පැවැත්වේ.

එය රහස් ඡන්දය කි.

එහිදී මනාප 1,2,3 ලෙස ලබා දිය හැකි අතර.

50%ඉක්මවන ඡන්ද නොලැබුණහොත් දෙවන සහ තුන්වන මනාප ගණන් කෙරේ.

එලෙස කිසිදු අයෙකු 50%ට වඩා ඡන්ද ලබා නැත්නම් එහිදී බහුතරය ලබාගත් අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තෝරා ගනී.

මේ අවස්ථාවේ දී සමාන ඡන්ද ලබාගත් අපේක්ෂකයින් දෙදෙනකු හෝ වැඩි සංඛ්‍යාවක් ඇති අවස්ථා වලදී ‘කුසපත් ඇදීම ක්’ මගින් ජනාධිපතිවරයා තෝරා ගැනේ.