ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට

July 14, 2022 at 8:19 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාලව යොමු කළ ලිපිය විද්‍යුත් තැපැල් මාර්ගයෙන් කතානායක කාර්යාලය වෙත ලැබි ඇති බව එම කාර්යාලය තහවුරු කර සිටිනවා.

එම ලිපියේ වලංගු භාවය තහවුරු කර ගැනීමෙන් පසුව ඊට අදාළ නිල නිවේදනය හෙට ප්‍රකාශයට පත් කරන බව කතානායක කාර්යාලය සඳහන් කර සිටියේ.