බස්නාහිරට ඇඳිරි නීතිය : රටපුරා හදිසි නීතිය පනවන්න – අගමැති උපදෙස් දෙයි

July 13, 2022 at 11:57 AM

බස්නාහිර පලාතට වහාම ක්‍රියාත්මක වන පරිදී ඇඳිරි නිතිය පනවන ලෙසට සහ රටේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක අංශ වෙත දැනුම් දුන් බවට වාර්තා වනවා.

එමෙන්ම නිතියානුකුල නොවන රැස්වීම් වල සාමාජිකයින් සහ නීතිය කඩ කරමින් ක්‍රියා කරන පිරිසි අත්අඩංගුවට ගන්නා ලෙසට ද අග්‍රාමාත්‍යවරයා විසින් ආරක්ෂක අංශ ප්‍රධානින් වෙත නියෝග කර ඇත.