ජනපතිට රටින් යන්න පහසුකම් සැලසීම ගැන ගුවන් හමුදාවෙන් නිවේදනයක්

July 13, 2022 at 8:07 AM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දිවයිනෙන් බැහැරව යාම සඳහා ගුවන් හමුදාවේ යානයක් ලබා දීම සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් :

” ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනපති වරයෙකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඇති ආගමන විගමන, රේගු සහ අනෙකුත් සියලුම නීතිවලට යටත්ව, ජනාධිපති තුමා සහ එම මැතිනිය සමග ආරක්ෂකයන් දෙදෙනෙකු හට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදාවේ ගුවන් යානයක්  13 වන දින අලුයම ලබා දෙන ලදි.”