බැසිල්ට රටින් පිටව යන්න බැරි වුණාද ?

July 12, 2022 at 7:51 AM

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා “සේද මාවත” මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් අද අලුයම 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම දිවයිනෙන් පිටව යෑමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව වාර්තා වනවා. හිටපු අමාත්‍යවරයා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා පිටව යාමට සුදානම් ව සිටිය බවයි වාර්තා වන්නේ.

අද අලුයම ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ සිටි මගීන් පිරිසක් ද, බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා එම ගුවන් යානයට පැමිණෙන බව දැන ගැනීමෙන් අනතුරුව ගුවන් තොටුපොළේ දී විරෝධතාවයක යෙදී ඇති බවයි වාර්තා වන්නේ.