‘රජ ගෙදර’ ගැන හිටපු ජනපති මෛත්‍රී රහස් රැසක් හෙළිකළ වීඩියෝව

July 10, 2022 at 1:47 PM

මේ දින වල බොහෝ දෙනාගේ කතාබහට ලක් ව ඇති ජනාධිපති මන්දිරය නොහොත් රජගෙදර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වීඩියෝපටයක් සිය ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයට පත්කර ඇත.

ඊට අනුව වර්ෂ 1782 දී මෙම ඕලන්ද නිවස රජයට පවරා ගැනෙන්නේ එවක විගණන නිලධාරියෙකු වූ එංගල්බැක් නම් රාජ්‍ය නිලධාරියාගේ අතපසුවීමකට දඩ මුදලකට හිලව් වශයෙනි.

ඒ පවුම් දස දහසකටය.

එතැන් පටන් ජනාධිපති මන්දිරය විකාශනය වූ ආකාරය එහි දැක්වේ.

 

 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ධුරයට පත්වූ පසු පළමුවරට මෙම ස්ථානය පොදුජනතාව වෙනුවෙන් විවෘත කළේය.

වීඩියෝව නරඹන්න

👉 ජනපති මැදුර


“අද ඔබ ඇවිද යන මේ බිම එවක කීර්තිමත් රාජ්‍ය නායකයින්, පඬිවරුන්ගේ පා පහස ලද බිමයි.

අද සිට ඔබේ පා සටහන් මේ බිමේ සනිටුහන් වනු ඇත. එය ලාංකිකයෙකු වශයෙන් ඔබට දිය හැකි උත්තරීතර දායාදයයි”

එම වීඩියෝවේ සඳහන් ය.