විරෝධතාකරුවන් කොටුවේ ජනපති මන්දිරය අභියසට එයි

July 9, 2022 at 12:52 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට ඉවත් වෙන ලෙස බල කරමින් මේ වන විට දැවැන්ත විරෝධතාවයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

විරෝධතාකරුවන් කොළඹ, කොටුවේ ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අභියසට පැමිණ තිබෙනවා. ඒ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් යොදා තිබු මාර්ග බාධක ගණනාවක් ඉවත් කරමින්.

මේ වන විටත් ගාලු මුවදොර අරගල භුමිය දෙසට දැවැන්ත ජනතාවක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.