ජනපති ඉල්ලා අස්වෙන දිනය දැනුම් දෙයි

July 9, 2022 at 10:27 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 13 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව තමන්ට දැනුම් දුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කර සිටිනවා.

මේ වන විට පවතින කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට සියලුම මහජනතාව උපකාර කළ යුතු බවත් ඒ අනුව දෛනික ජන ජීවිතය සාමාන්‍ය අයුරින් පවත්වා ගෙන යෑමට කටයුතු කරන මෙන්ද කතානායකවරයා දැනුම් දී සිටියා.