අද සහ හෙට IOC ඉන්ධන බෙදා හැරීම අත්හිටුවයි

July 8, 2022 at 1:26 PM

ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අද සහ හෙට දිනයේදී සිදුනොකිරීමට තීරණය කර තිබෙනවා.

සිය ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීම ලබන ඉරිදා සිට නැවත සිදුකරන බවද එම සමාගම නිවේදනය කර සිටිනවා.

මේ අතර ඉදිරි දින දෙක සඳහා සිපෙට්කෝ සහ කර්මාන්ත සඳහා පමණක් අවශ්‍ය ඉන්ධන සැපයීම සිදුකරන බවයි ලංකා IOC සමාගම සඳහන් කර සිටින්නේ.