වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජිවිතක්ෂයට

July 8, 2022 at 2:34 PM

වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර සිටියි ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ජපානයේ, නාරා නගරයේ පැවැති දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වුවා.

67 හැවිරිදි ෂින්සෝ අබේ 2006 වසරේ සිට 2007 වසර දක්වාත්, යළිත් 2012 වසරේ සිට 2020 වසර දක්වාත් ජපානයේ අග්‍රාමා්‍යවරයා ලෙස කටයුතු කළේ වැඩිම කාලයක් එම ධූරයේ කටයුතු කළ පුද්ගලයා ලෙස වාර්තා අතරට ද එක්වෙමින්.