ජපානයේ හිටපු අගමැතිට වෙඩි තබයි

July 8, 2022 at 9:38 AM

ජපානයේ, නාරා නගරයේ පැවති උත්සවයක් අතරවාරයේ සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

හිටපු අගමැතිවරයා වේදිකාවේ කතා කරමින් සිටියදී ඔහුගේ පිටුපස ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බවයි ජපානයේ NHK පුවත් සේවය වාර්තා කර සිටියේ.

ජපාන අග්‍රාමාත්‍යවරයාට වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවේ පසුවන බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ සෞඛ්‍ය හේතූන් මත 2020 වසරේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වුවා.