ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

July 7, 2022 at 8:10 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දුට බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිවේදනය කර සිටියේ.

මිට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් සහ ප්‍රවීන් ජයවික්‍රමට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

කෙසේ වුවද මේ වන විට ඇන්ජලෝ මැතිව්ස් සුවය ලබා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහන් කර සිටියේ.